පුද්ගලික බස්රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී මාරක අනතුරක් – මිත්තිණියට සහ මුණුපුරා මරුට (වීඩියෝ)

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කටුකුරුන්ද ප්‍රදේශයේ දී බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (01) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ කාන්තාවක් සහ කුඩා දරුවකු මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් එක් අයෙකු බරපතළ බවයි වාර්තා වන්නේ.

කොළඹ සිට මාතර දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක්, කළුතර කටුකුරුන්ද ප්‍රධාන බස් නැවතුම්පොළ් නවතා නැවත ගමන් ආරම්භ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථය එකවරම බස් රථයේ ඉදිරිපස ගැටීමෙන මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරට ලක්වූ ත්‍රිරෝද රථයේ ගමන් කර තිබුණේ එකම පවුලේ පිරිසක් බවයි වාර්තා වන්නේ.

එහි සිටි 63=0 හැවිරිදි මිත්තණිය සහ 13 හැවිරිදි පිරිමි දරුවෙකු බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කළුතර දුවේ පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර, ඔවුන් බේරුවල ප්‍රදේශයේ පොසොන් නැරඹීමට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14