spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගලික තොරතුරු නොදන්නා පාර්ශ්වයන්ට දෙන්න එපා – පොලිසියෙන් විශේෂ දැනුවත් කිරීමක්

කිසිම අවස්ථාවක තම පුද්ගලික තොරතුරු නොදන්නා පාර්ශ්වයන් වෙත ලබාදීමෙන් වැළකී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචා සිදුවීම් රැසක් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඇතැම් පුද්ගලින් විසින් සිදුකරනු ලබන ආකර්ශනීය යෝජනාවලට නොරැවටෙන ලෙස ද ඔහු මහජනතාවට දැනුම් දෙනවා.

“කිසිම අවස්ථාවක තමන්ගේ පුද්ගලික තොරතුරු විශේෂයෙන්ම ජාතික හැදුනුම්පත් අංකය, ගමන් බලපත්‍ර අංකය, රියදුරු බලපත්‍ර අංකය, මේ වායේ ඡායාපිටපත්, තමා පදිංචි ලිපිනය, පවුලේ තොරතුරු, ඒ වගේම ගිණුම් තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු, විශේෂයෙන්ම බැංකු ගිණුම් සඳහා එකවරක් ලැබෙන රහස්‍ය අංකය (OTP) අංකය වැනි තොරතුරු කිසිදු හේතුවක් නිසා තමන් නොදන්නා පාර්ශ්වයක් වෙත ලබාදෙන්න එපා. ආකර්ෂණීය යෝජනාවලට රැවටෙන්න එපා. මේ ආකාරයට ණය දෙනවා වැනි විවිධ යෝජනා එන්න පුළුවන්. මේවාට රැවටෙන්න එපා. මෙවැනි වංචාකරුවන් සාමාජ මාධ්‍ය ඔස්සේ ඔබ වෙතට පැමිණෙන්න පුළුවන්. නිත්‍යානුකූල නොවන ක්‍රම ඔස්සේ ගිහින් අපහසුතාවයන්ට පත්වෙන්න එපා. ඒ වගේම පුද්ගලයින් හඳුනන්නේ නැතුව මෙවැනි දේට යොමුවෙලා තමන් සතු දේපළ අහිමිකර ගන්න එපා කියලා තමයි පොලිසිය විදියට කියන්න තියෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
2
+1
8
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?