පුද්ගලයින් 26 දෙනෙක්ට දිවි අහිමි කළ කාශ්මීර ප්‍රහාරකයන්ට චෝදනා ගොනු කෙරේ

කාශ්මීරයේ දී සංචාරකයින්ට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු මිය යෑමේ සිද්ධියට අදාළව ඉන්දියාවේ ත්‍රස්ත මර්දන ඒජන්සිය, පකිස්ථානය පදනම් කරගත් සටන්කාමී ඉස්ලාමීය කණ්ඩායම් සහ පුද්ගලයින් හය දෙනෙකුට චෝදනා ගොනු කර තිබෙනවා.

න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ අසල්වැසියන් අතර දශක ගණනාවකින් පසු ඇති වූ දරුණුතම ගැටුම, ඉන්දීය පරිපාලන කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් මාසයේදී හින්දු සංචාරකයින්ට සටන්කාමීන් වෙඩි තැබීමත් සමඟ ඇති වුණා.

ප්‍රහාරයට පාකිස්තානයේ සහාය ලැබුණු බව නවදිල්ලිය පැවසූ අතර, ඉස්ලාමාබාද් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පකිස්ථානය පදනම් කරගත් ලෂ්කර්-ඊ-තායිබා (LeT) සහ එහි කොටසක් වන The Resistance Front (TRF) හට “පහල්ගම් ප්‍රහාරය සැලසුම් කිරීම, පහසුකම් සැලසීම සහ ක්‍රියාත්මක කිරීම” සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බව ඉන්දියාවේ ත්‍රස්ත මර්ධන ඒජන්සියේ ප්‍රකාශයක සඳහන්.

ජූලි මාසයේදී ශ්‍රීනගර් හි මෙහෙයුමක දී ඉන්දීය ආරක්ෂක හමුදා විසින් ඝාතනය කරන ලද පාකිස්තාන ජාතිකයින් තිදෙනෙකුට ද චෝදනා ගොනු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ පසුවනවා.

පිටු 1,597 කින් යුත් මෙම චෝදනා පත්‍රය ඉන්දියාවේ ජම්මු කලාපයේ විශේෂ අධිකරණයක් ඉදිරියේ ගොනු කරනු ලැබ තිබෙනවා.

මාස අටක පුලුල් පරීක්ෂණයකින් පසු චෝදනා ගොනු කර ඇති අතර ඉන්දියාවට එරෙහිව යුද්ධ කිරීම සම්බන්ධයෙන් ද සැකකරුවන්ට සහ සංවිධානවලට එරෙහිව චෝදනා ගොනු කර ඇතැයි ත්‍රස්ත මර්දන ඒජන්සිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41