පුද්ගලයින් 18 දෙනෙකු බිළිගත් ලුවිස්ටන් ඝාතකයාගේ මළ සිරුර හමුවෙයි

පුද්ගලයින් 18 දෙනෙකුට මරු කැඳවමින් ඇමරිකාවේ ලුවිස්ටන් හිදී වෙඩි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙම සමූහ ඝාතකයා සොයා දින දෙකක සිට සිදුකළ මෙහෙයුමකින් පසු ඔහුගේ සිරුර මෙලෙස සොයාගැනීමට හැකිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන සිටිය දී ඔහුගේ සිරුර මෙලෙස හමුව තිබෙනවා.

40 හැවිරිදි වියේ පසු වූ රොබට් කාඩ් නැමැති මෙම ආරාධකරු සැලකෙන්නේ මෙම වසරේ එක්සත් ජනපදයේ සිදුවූ දරුණුතම සමූහ ඝාතනය සිදුකළ පුද්ගලයා ලෙසටයි.

ලුවිස්ටන් ඇතුළු නගර තුනක් සම්පූර්ණයෙන්ම වසා දමා ප්‍රදේශයේ ආරක්ෂක අංශ මෙම අපරාධකරු සොයාගැනීම සඳහා පැය 48ක මෙහෙයුමක් දියත් කරණු ලැබුවා.

ඇමරිකාවේ මේන් ප්‍රාන්තයේ ලුවිස්ටන් නගරයේ ස්ථාන තුනක දී අපරාධකරු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ මීට දින දෙකකට පෙරයි.

එහිදී පුද්ගලයින් 18 දෙනෙකුට ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයින් 13 දෙනෙක් තුවාල ලැබුවා.

මෙම ඝාතනයන් සිදුකළ අපරාධකරු ඇමරිකානු යුධ හමුදා රිසර්ව් භටයකු බව ද වාර්තා වූ අතර, ඔහු මෑතකදී මානසික වෛද්‍ය ආයතනයකින් ප්‍රතිකාර ලබාගත් අයෙකු බවට ද තොරතුරු අනාවරණය කරගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15