පුද්ගලයින් සිහිමුර්ජාකර කනකර සාක්කු සුද්ද කළ ජෝඩුවක් අල්ලයි (ඡායාරූප)

පුද්ගලයින් සිහිමුර්ජා කර ඔවුන් සන්තකයේ ඇති මුදල්, රන් ආභරණ ඇතුළු වටිනා ද්‍රව්‍ය සොරාගෙන පලායන යුවළක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව නුවරඑළිය පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනියම් ඇසුරක් පවතවාගෙන යන තවලන්තැන්න සහ වටවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්.

මොවුන් දෙදෙනා 46 සහ 39 යන වයස්වල පසුවන අතර, සැකකාර යුවල ඊයේ (18) නුවරඑළියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

එදිනට මොවුන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ද ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

පසුගිය දෙසැම්බර් 31 වනදා බණ්ඩාරවෙල,දෙමෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බණ්ඩාරවෙල නගරයට පැමිණි අවස්ථාවේ දී සැකකාර යුවළ පැමිණ එම කාන්තාව සමඟ හිතවත්කමක් ගොඩනඟාගෙන තිබෙනවා.

සැකකාර යුවළ එම කාන්තාව ආර්ථික අපහසුතාවයෙන් පෙලෙන කෙනෙකු බව හඳුනාගෙන එම පවුලට ආර්ථික තත්ත්වයෙන් ගොඩඒමට සහයෝගය ලබාදෙන බව පවසා නිමි ඇඳුම් කිහිපයක් ඇයට ලබා දී ඔවුන්ගේ දුරකථන අංක ද ලබාදී ඇති බවයි හෙළිව ඇත්තේ.

එලෙස ලබාදුන් නිමි ඇඳුම් අලෙවි කිරීමෙන් පසු යළි දැනුම් දෙන ලෙස ද පවසා තිබෙනවා.

අනතුරුව අදාළ කාන්තාව ලබාදුන් නිමි ඇඳුම් කිහිපයක් විකුණාන ඇඳුම් කිහිපයක් ඉතිරි වී ඇති බවට දැනුම්දීමට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසුව එම සැකකාර යුවළ එහිදී පවසා ඇත්තේ ඉතිරි වූ එම රෙදි රැගෙන නුවරඑළිය නගරයට පැමිණෙන ලෙසයි.

තවත් අලෙවි කිරීමට රෙදිපිළි තොගයක් ලබාදෙන බවට ද එහිදී පවසා ඇති බව සඳහන්.

ඒ, අනුව අදාළ කාන්තාව සිය පුත්‍රයා ද සමඟ නුවරඑළිය නගරයට පැමිණිමෙන් පසු සැකකාර යුවළ දුරකථන ඇමතුමක් ලබා දි නුවරඑළිය පොදු වෙළදසැල අසලට පැමිණෙන ලෙස පවසා තිබෙනවා.

එහිදී සැකකාර පිරිමි පුද්ගලයා අදාළ කාන්තාව සමඟ කතා බහ කරමින් සිටින අතරතුර දී ගමන් මහන්සිය නිවා ගැනීමටයැයි පවසමින් කිසියම් බීම වර්ගයක් සහ කෙටි කෑම වර්ගයක් ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒවා ආහාරයට ගැනීමෙන් පසු කාන්තාව සහ ඇයගේ පුත්‍රයා සිහිසුන්ව ඇති අතර, යළි සිහිය පැමිණෙන විට ඔවුන් සිට ඇත්තේ නුවරඑළිය රෝහලේයි.

පොලිසිය මඟින් සිදුකළ විමර්ශනවල දී අනවරණය වී ඇත්තේ කාන්තාව සතුව තිබුණු රණ් තැල්ලක් , කරාබු ජෝඩුවක් , රන්මාලයක් ඇතුළු ලක්ෂ පහකට ආසන්න රන් ආභරණ , ජංගම දුරකථන දෙකක් සහ රුපියල් 5000ක මුදලක් සැකකාර යුවළ සොරාගෙන ගොස් ඇති බවයි.

අනතුරුව අවට වෙළදසැල් කිහිපයක ආරක්‍ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු සැකකාර යුවළ හඳුනාගෙන සැකකරු පන්නිල ප්‍රදේශයේ දී හා සැකකාරිය වටවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ මෙවැනිම ආකාරයේ වැරදි සිදුකිරීමේ වරදට රක්ෂිත බන්ධනාගාර ගතව සිට මීට මාස 03කට පෙර නිදහස්ව පැමිණි බවයි.

සැකකරුට සහ සැකකාරිණියට එරෙහිව මහනුවර, යාපනය, බණ්ඩාරවෙල, ජාඇල, කුරුණෑගල සහ හැටන් යන පොලිස් ස්ථානවල ද පෙර වැරදි සටහන් වී ඇති බව පොලිසිය සඳහන් කළා.

5 1 1
4 2
1 1 1
3 1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26