පුද්ගලයින් රවටා කූඨ ජාවාරමක නිරත තරුණයින් 06ක් පොලිස් අත්අඩංගුවේ

ජංගම දුරකථන සිම්පත් හිමිකරුවන්ට ත්‍යාග සහ දිනුම් ඇදී ඇති බව පවසා එම ත්‍යාග සහ දිනුම් ලබාගැනීමට මුදල් ගෙවන ලෙස දන්වා ඉන්පසුව ඔවුන්ගේ බැංකු කාඩ් අංක ලබාගැනීමෙන් අනතුරුව එහි ඇති මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් හයදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකට සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාලවිය, කරඹ හා අවට පදිංචි වයස අවුරුදු 18ත්, 22ත්, අතර වියේ පසුවන් සැකකරුවන් හයදෙනෙක්.

මොවුන් සංවිධානාත්මක ලෙස ඉතා සූක්ෂම වසර ගණනාවක සිට මෙම ජාවාරමේ නිරතව සිට ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් පුද්ගලයින් කිහිපදෙනකු අමතා ඔවුන්ගේ සිම්පත් සඳහා දැවැන්ත ත්‍යාග හා දිනුම් හිමිවී ඇති බවත්, එම ත්‍යාග හා මුදල් ලබාගැනීම සඳහා සිම්පත් හිමිකරු විසින් එම ත්‍යාගවල වටිනාකමින් අඩක් ගෙවන ලෙසත් දන්වා තිබෙනවා.

පසුව එම ත්‍යාග නිවසටම ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සදහා බැංකු කාඩ්පත් ඕපීටී අංකය ලබාදීමෙන් අනතුරුව එම සමාගම විසින් අදාළ මුදල බැංකුව හරහා ලබාගැනීමෙන් අනතුරුව භාණ්ඩය ලැබීමට සලස්වන බවයි පවසා ඇත්තේ.

පසුව මෙම කූට ජාවාරමට හසුවූ බොහෝ පිරිසක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශණවල දී සැකකරුවන් අතඅඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

එහිදී ඔවුන් සන්ථකයේ තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන තුනක් හා සාමාණ්‍ය මාදිලියේ ජංගම දුරකථන තුනක්, මුදලින් රුපියල් එක් ලක්ෂ විසිපන්දහසක මුදලක් හා බැංකු කාඩ්පත් නවයක් සොයාගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05