spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුතුට වයලීනයක් ගන්න සම්භාහන මධ්‍යස්ථානයකට ගිය අම්මා

දියවන්නාව පොලිස් බල ප්‍රදේශයේ නීතිවිරෝධී සම්භාහන මධ්‍යස්ථාන වැටලූ පොලිස් කණ්ඩායමකට සංගීතය හදාරන තම පාසල් යන දරුවාට වයලීනයක් මිලදී ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි තරුණ මවකගේ අනුවේදනීය කතාවක් අසන්නට ලැබිණි.

වැටලීමෙන් පසු පොලිසියට රැගෙන ආ තරුණියන් ඇතුළු පිරිස ඇප ලබාදීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට ඉදිරිපත්කල අවස්ථාවේ ඇප ලබාගන්නට පැමිණි එක් කතක් තම කණ්ඩායම සමග පිටව යන්නට පෙර නැවත පොලිස් ස්ථානාධිපතිවරයා හමුවන්නට පැමිණියාය.

සර් මම කැමැත්තෙන් මේ රස්සාවට ආවා නෙවෙයි. මගේ ළමයාට වයලීන් එකක් අරන් දෙන්න කියලා හැමදාම අඬනවා. ළමයාට සංගීතය ඉගෙන ගන්න තියෙන ආශාවට එයා වයලීන් එක ඉල්ලනවා. ඒක අරන් දෙන් සල්ලි නැති නිසා තමයි මම ස්පා එකේ වැඩට ආවේ. මම ඊයේ තමයි මුලින්ම රස්සාවට ආවේ සර්. පහුවදාම මාව අහුවුණා. මම ළමයාගේ වැඩේට සල්ලි හොයාගෙන යන්න යනවා’’ යැයි ඇය හැඬූ කඳුලින් පවසා නික්ම ගියාය.

මෙවනි අසරනකම් මත මුදල් සොයාගත නොහැකිව ස්පා රස්සාව සොයාගෙන ආ තරුණියන් නිතර හමුවන බව එම් අනුවේදනීය කතාව හෙළිකළ පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?