spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ලෝකාන්තය ආසන්නයේ ප්‍රපාතයකට ඇද වැටී තරුණයන් 2කට බරපතළ තුවාල

මඩොල්සිම පුංචි ලෝකාන්තය ආසන්නයේ පිහිටි රාගල සානුව නැමති ස්ථානයේදී ප්‍රපාතයකට ඇද වැටීමෙන් තරුණයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඊයේ (23) සවස උපන්දින සාදයක් පැවැත්වීමට ගිය තරුණ පිරිසක් අතුරින් දෙදෙනෙකු මෙලෙස ප්‍රපාතයට ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බරපතළ තුවාල ලැබූ ඔවුන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25ක් වයසැති තරුණයන් දෙදෙනෙක්.

උපන්දිනය යෙදී තිබූ තරුණයා තම මිතුරන් 4 දෙනෙකු සමග පුංචි ලෝකාන්තයට පහළින් පිහිටි රාගල සානුව නමැති ස්ථානයට ගොස් එහිදී මත්පැන් සාදයක් පත්වා තිබෙනවා.

එම සාදය අතරතුර උපන්දිනය යෙදී තිබූ තරුණයා ගලකින් පහළට ලිස්සා ගොස් ඇති අතර ඔහු බේරා ගැනීමට උත්සාහ කළ මිතුරා ද ප්‍රපාතයට ඇඳ වැටී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තුවාල ලැබූ තරුණයන් දෙදෙනාගේම තත්වය බරපතළ බව බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළා.

මඩොල්සිම පොලිසිය මේ පිළිබඳව විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?