පුංචි ලෝකාන්තය ආසන්නයේ ප්‍රපාතයකට ඇද වැටී තරුණයන් 2කට බරපතළ තුවාල

මඩොල්සිම පුංචි ලෝකාන්තය ආසන්නයේ පිහිටි රාගල සානුව නැමති ස්ථානයේදී ප්‍රපාතයකට ඇද වැටීමෙන් තරුණයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඊයේ (23) සවස උපන්දින සාදයක් පැවැත්වීමට ගිය තරුණ පිරිසක් අතුරින් දෙදෙනෙකු මෙලෙස ප්‍රපාතයට ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බරපතළ තුවාල ලැබූ ඔවුන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25ක් වයසැති තරුණයන් දෙදෙනෙක්.

උපන්දිනය යෙදී තිබූ තරුණයා තම මිතුරන් 4 දෙනෙකු සමග පුංචි ලෝකාන්තයට පහළින් පිහිටි රාගල සානුව නමැති ස්ථානයට ගොස් එහිදී මත්පැන් සාදයක් පත්වා තිබෙනවා.

එම සාදය අතරතුර උපන්දිනය යෙදී තිබූ තරුණයා ගලකින් පහළට ලිස්සා ගොස් ඇති අතර ඔහු බේරා ගැනීමට උත්සාහ කළ මිතුරා ද ප්‍රපාතයට ඇඳ වැටී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තුවාල ලැබූ තරුණයන් දෙදෙනාගේම තත්වය බරපතළ බව බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළා.

මඩොල්සිම පොලිසිය මේ පිළිබඳව විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15