පුංචි ඡන්දය නොපැවැත්වීමට එරෙහි පෙත්සම් නිශ්ප්‍රභ කරන්නැයි නීතිපති අධිකරණයෙන් ඉල්ලයි

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි ඉකුත් මාර්තු මස 09 වන නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය සහ පැෆරල් සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

මෙම පෙත්සම් අද බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන විසින් මෙම මූලික විරෝධතා මතු කර සිටියා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය පැවති අතර වැඩිදුර පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 02 වනදා තෙක් කල් තැබුණා.