පුංචි ඡන්දය අවසන් කරමින්, පාර්ලිමේන්තුව අද හා හෙට රැස්වෙයි

පළාත් පාලන ආයතන මැතිවරණය අවසන් වීමෙන් පසු අද (08) පාර්ලිමේන්තුව උදෑසන 09.30ට රැස්වීමට නියමිතයි.

ඊට අමතරව හෙට (09) දිනයේදීත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි එහි මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය නිවේදනය කළේ.

එම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 02 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ බව ද වාර්තා වුණා.

ඒ අනුව මැයි 8 වැනි බ්‍රහස්පතින්දා (අද) පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා රේගු ආඥා පනතේ (235 අධිකාරිය වූ) “අ” උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් 2025.04.09 දින ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී වූ බවයි වාර්තා වන්නේ.

මැයි 9 වැනි සිකුරාදා (හෙට) පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනු ඇති.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා 6ක් විවාද කිරීම සඳහා කාලය වෙන් කර තිබෙනවා.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්, හිටපු රාජ්‍ය නායකයින් හා එම වැන්දඹුවන් භුක්ති විදින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීමට අදාළ යෝජනාව, පාර්ලිමේන්තුමන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉහළ නැංවීමේ වැඩසටහනක් සකස් කිරීමට අදාළ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ඉදිරිපත් කරනු ලබනවිගණන වාර්තා මගින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමට අදාළ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවත්වීමට නිවසක් ලබාදීමට අදාළ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන පොදු ප්‍රවාහන ප්‍රමිතීන්ට අනුකූල බස්රථ පමණක්මෙරටට ගෙන්වීමට අදාළ නීති සකස් කිරීම පිළිබඳ යෝජනාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා විසින් ඉදිරිපත් කරනු ලබන “සංවර්ධන යෝජනා” නමින් ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ඉදිකර ඇති එහෙත් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා ලද සියලුම ගොඩනැගිලි මහජනප්‍රයෝජනය සඳහා යොදා ගැනීම සඳහා කටයුතු කිරීමට අදාළ යෝජනාව මෙදින විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න දෙකක් සඳහා කාලය වෙන්කර තිබෙන බවත් වාර්තාවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16