spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දයට මුදල් නොදුන් මුදල් ලේකම්ට එරෙහිව ගොනුකළ පෙත්සම් සලකාබැලීම ඇරඹේ

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් වූ පෙත්සම් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ වී තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම සලකා බැලීම සිදුවෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2023 අයවැය ඇස්තමේන්තු තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මාර්තු මස තුන් වනදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කළ බවයි.

එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?