පිසිආර් පරික්ෂණ එපා කියමින් තුන්වරක් ගම්පොළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට බාධා කළ ගම්පොළ කහටපිටිය දේවරාජ මාවතේ පුද්ගලයින් අතුරින් 09 දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.එහිදි එම පොකුරේ සිටි එක් කාන්තාවක් මියගොස් තිබේ.එසේ මිය ගොස් ඇත්තේ තෙල්දෙණිය ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර සිටිය 51 හැවිරිදි කාන්තාවක්.
මෙම ප‍්‍රදේශය තුළ පිසිආර් පරීක්‍ෂණ සිදු කිරීමට අවස්ථා තුන කදී උත්සාහ කලත් ඒ සෑම වරකම එම ප‍්‍රදේශයේ ජනතාව විරෝධය දක්වා ඇත. එහි කොටසකට සිදු කළ පරීක්‍ෂණවලදී ඉන් 8 දෙනෙකු ආසාදිතයන් බවත් ඉන්පසු පෙරේදා (15) ඉතිරි පුද්ගලයින්වද පිසිආර් පරීක්ෂණ සදහා යොමු කල බව සෞඛ්‍ය අංශ පැවසිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1