පිල්ලෙයාන් සමග කළ සාකච්ඡාව ගැන හෙට විශේෂ මාධ්‍ය හමුවක් – ගම්මන්පිළ

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් සමග ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදය ගම්මන්පිළ මහතා සාකච්ඡා කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී පෙරේදා (13) පස්වරුවේ හිටපු අමාත්‍යවරයා පිල්ලෙයාන් සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ ව දසත ප්‍රවෘත්ති හිටපු අමාත්‍ය ගම්මන්පිළ මහතාගෙන් සිදු කළ විමසීමක දී ඔහු සඳහන් කර සිටියේ අදාළ සාකච්ඡාව පිළිබඳ ව වන විශේෂ මාධ්‍ය හමුවක් හෙට (16) දිනයේ දී පැවැත්වීමට නියමිත බවයි.

පසුගියදා පිල්ලෙයාන් ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මඩකලපුවේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ පෙර පැවති රජයන් තුළ දී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අතුරුදන් කිරීම ඇතුළු පුද්ගලයින්ව පැහැර ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින විමර්ශනවලට අදාළවයි.

කෙසේවෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පිල්ලෙයාන් සමග දූරකථනයෙන් සම්බන්ධ වීමට උත්සාහ කෙරුණ ද ඊට අවස්ථාවක් හිමිවූයේ නැහැ.

  1. මෙයා මාධ්‍ය සංදර්ශන කාරයෙක්
    මෙයාගේ තියෙන්නේ ගොන් පාටි හා මී හරක් තර්ක
    ඒවායේ කිසිම හරයක් හෝ වටිනාකමක් නෑ
    මේවාට ගුවන් කාලය හා පිටු වෙන්කර දීම අපරාධයක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39