පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයකින් පසු සුනාමි අනතුරු ඇඟවීමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ හටගත් භූ කම්පනයත් සමග රටවල් කිහිපයකට නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇඟවීම පහව ගොස් ඇතැයි අමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් පසු පිලිපීනයේ ඉවත් කිරීම් සිදු වෙමින් පැවතිය ද එක්සත් ජනපද ඒජන්සියක් පැවසුවේ විශාල රළ ඇතිවීමේ අවදානම පහව ගොස් ඇති බවයි.

සාමාන්‍ය වඩදිය බාදිය මට්ටමට වඩා මීටර 3ක් (අඩි 10ක්) ඉහළ රළ ඇති වන බවට මුලින් අනතුරු ඇඟවූ එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පසුව පැවසුවේ තවදුරටත් සුනාමි තර්ජනයක් නොමැති බවයි.

එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය මුලින් පැවසුවේ පිලිපීන වෙරළ තීරයේ සමහර ප්‍රදේශවල සාමාන්‍ය වඩදිය බාදිය මට්ටමට වඩා මීටර් 3 (අඩි 10)ක් පමණ දක්වා ඉහළ රළ ඇති විය හැකි බවයි. ඉන් පසුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සුනාමි අවදානමක් නොමැති බවයි.

පවතින සියලුම දත්ත මත පදනම්ව, මෙම භූමිකම්පාවේ සුනාමි තර්ජනය දැන් පහව ගොස් ඇතැයි ඔවුන් සඳහන් කර තිබෙනවා.

අවදානම් කාල සීමාව තුළ දැනටමත් මුහුදේ ඇති බෝට්ටු තවදුරටත් උපදෙස් දෙන තුරු ගැඹුරු ජලයේ මුහුදේ රැඳී සිටිය යුතුය බවට ද උපදෙස් දී තිබෙනවා.

ඊයේ රාත්‍රී පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපක 7.5ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබුණා.

යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත්තේ කිලෝමීටර් 63 ගැඹුරක මෙය සිදුවී ඇති බවයි.

පිලිපීනයට, ජපානයට, ඉන්දුනීසියාව, Palau සහ මැලේසියාවේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි රළ පහර ඇතිවනු ඇති බවටයි ඔවුන් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවේ.

ජපානයේ ඇතැම් ප්‍රදේශවලට මීටර 3ක පමණ උසට සුනාමි රළ එතැයි අනුමාන ප්‍රකාශ කෙරුණා.

පිලිපීන භූ කම්පන විද්‍යා ඒජන්සිය කියා සිටියේ එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රිය වන විට (GMT 1600) සුනාමි රළ ඇති විය හැකි අතර පැය ගණනක් එය පැවතිය හැකි බවයි.

දිගින් දිගටම පසු කම්පන ඇති වුව ද සැලකිය යුතු හානියක් හෝ ජීවිත හානි පිළිබඳ මූලික වාර්තා නොමැති පිලිපීනයේ ඉවත් කිරීම් අඛණ්ඩව සිදු වෙමින් පවතින බව සඳහන්.

පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය, ෆිවොල්ක්ස් කියා සිටියේ සුනාමි අවදානම පවතින බවයි.

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව ටෝකියෝවට දකුණින් කිලෝමීටර් 290ක් (සැතපුම් 180ක්) පමණ දුරින් පිහිටි ජපානයේ හචිජෝජිමා දූපතේ සෙන්ටිමීටර 40 (අඩි 1.3)ක් උස් රළ නිරීක්ෂණය වී තිබෙනවා.

පිලිපීනයේ, Surigao Del Sur සහ Davao Oriental පළාත්වල වෙරළ ආසන්නයේ වෙසෙන ජනතාවට ඉවත් වන ලෙසට හෝ රට අභ්‍යන්තරයට යන ලෙස ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම පළාත් දෙක බොහෝ දුරට ග්‍රාමීය වන අතර පිලිපීනයේ අනෙකුත් ප්‍රදේශ මෙන් ජනාකීර්ණ නොවන බව සඳහන්.

44,000 ක පමණ ජනගහනයක් සිටින භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානයේ සිට කිලෝමීටර් 30ක් ඔබ්බෙන් පිහිටි වෙරළබඩ නගරයක් වන Hinatuan හි පොලිස් ප්‍රධානී Raymark Gentallan පැවසුවේ භූමිකම්පාව ඇති වූ අවස්ථාවේ සිට විදුලිය විසන්ධි වී ඇති බවයි.

භූ කම්පන ක්‍රියාකාරකම්වලට ගොදුරු වන පැසිෆික් සාගරය වටා ඇති ගිනිකඳු තීරයක් වන “ගිනි වළල්ල” මත පිහිටා ඇති පිලිපීනයේ භූමිකම්පා බහුලව දක්නට ලැබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22