පිය පුතු දෙපළගේ ගමන අතර මඟ නැවතූ මාරක අනතුර

පස්සර – බඩල්කුඹුර මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් අද (21) දවල් ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන් කරමින් සිටි පිය පුතු දෙපළකින් පුතා මියගොස් පියා බරපතළ තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් වන අතර තුවාල ලැබූ පියා 57 හැවිරිදි වියේ පසුවන්නෙක්.

මොවුන් පස්සර – මීදුම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

පියපුතු දෙපළ යතුරුපැදියෙන් බඩල්කුඹුර ප්‍රදේශයට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටිය දී තොළබෝවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් පසු පුතා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, බරපතළ තුවාල ලැබූ පියා පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?