පියා ඉදිරියේ 18 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගිය හැටි (වීඩියෝ)

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් 18 හැවිරිදි තරුණියක් පැහැරගෙන යන අයුරු දැක්වෙන දර්ශන පෙළක් ඉන්දීය මාධ්‍ය මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ රාජන්න සර්සිල්ලා ප්‍රදේශයේ දී අද (20) පෙරවරුවේ මෙම තරුණිය පැහැරගැනීමට ලක්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තාකර තිබුණේ.

තරුණිය සිය පියා සමඟ දේවස්ථානයකට ගොස් නැවත නිවසට යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

පැහැරගැනීම සම්බන්ධයෙන් තෙලන්ගානා පොලිසිය වෙත තරුණියගේ මව්පියන් විසින් පැමිණිල්ලක් ද සිදුකර ඇති බව සඳහන්.

අදාළ තරුණිය මීට පෙර බාලවයස්කාර වියේදී තරුණයෙකු සමඟ (ඇගේ පෙම්වතා) පැන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, පොලිසිය සැකපළ කරන්නේ ඔහු මෙම පැහැර ගැනීම පිටුපස ඇති බවටයි.

මේ වනවිය ප්‍රසිද්ධියට පත්කර ඇති ආරක්ෂිත කැමරා දර්ශනවල දැක්වෙන්නේ මුහුණේ රෙදිකඩක් බැඳගත් පුද්ගලයෙකු දැරිය මෝටර් රථයක් දෙසට ඇදගෙන යන ආකාරයයි.

ඔහු විසින් ඇයව පසුපස අසුනට තල්ලු කරද්දී තවත් පුද්ගලයෙක් ඇගේ පියා වෙත ගොස් පියාව වැළක්වීමට උත්සහා දරණ අයුරු එම දර්ශනවල පටිගත වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන පොලිසිය සඳහන් කර ඇත්තේ තරුණිය සොයා කණ්ඩායම් තුනක් යොදවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33