පිටුවහල් කරන්න ගිය චීන ජාතිකයා කටුනායකදී නොසන්සුන් වෙයි

අප්‍රිකාවේ ගිනි රාජ්‍යයට අයත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයා ඊයේ මෙරටින් පිටුවහල් කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ විෂය භාර අමාත්‍යවරයාගේ නියෝගය මත මෙම චීන ජාතිකයා ඊයේ (08) සවස චීනය බලා පිටුවහල් කළ බවයි.

ඔහු ඊයේ සවස 05.35ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 884 දරන ගුවන් යානයෙන් මෙලෙස පිටුවහල් කර තිබෙනවා.

මෙම චීන ජාතිකයා ඉල්ලීම් කර තිබුණේ තමන් පැමිණි ඩුබායි වෙත තමා පමණක් ගමන් ගන්නා ගුවන් යානයකින් යළි ආපසු යවන ලෙසටයි.

ඔහුට ඊයේ සවස මාංචු දමා ඒවා පිටතට නොපෙනෙන සේ සකස් කර අව් කණ්නාඩියක් ද පළඳා රෝද පුටුවක අසුන් ගන්වා එය තල්ලු කර ගෙන ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගුවන් යානය වෙත පැමිණ තිබුණා.

මොහු ගුවන් යානය වෙත පිවිසෙන තෙක් තම ගමනාන්තය කුමක්ද යන්න නොදැන සිටි බවයි සඳහන් වන්නේ.

ගුවන් යානයට පිවිසීමෙන් අනතුරුව “දැන් අව් කණ්නාඩිය ගලවමු” යැයි ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරීවරයෙකු විසින් යෝජනා කිරීමෙන් පසු එය ගලවා ඉවත් කර තිබෙනවා.

එවිට ඔහුට පැහැදිළි දර්ශන දැක ගැනීමට හැකිවී ඇති අතර ඒ වන විටත් මෙම චීන ජාතිකයා අත් අඩංගුවට ගැනීම සඳහා චීනයේ සිට රහසිගතව වෙස්වළා ගෙන පැමිණ සිටි චීන ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද මෙම ගුවන් යානය තුළ අසුන් ගෙන සිට තිබුණා.

ඒ අතර සිටි එක් චීන ජාතික ආරක්ෂක නිලධාරීවරියක් මෙම චීන ජාතිකයා අසළට පැමිණ චීන බසින් “සුභ සන්ධ්‍යාවක්” යැයි පවසනවාත් සමග මොහු එතෙක් ඔහු අසුන් ගෙන සිටි රෝද පුටුවෙන් නැගී සිටින්නට උත්සාහ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීමට පටන්ගෙන ඇත්තේ තමන් චීනය රැගෙන යන බව වැටහීමත් සමගයි.

එහෙත් ඒ වන විටත් ඔහු වටා චීන සහ ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් මෙන්ම ගුවන් යානා කාර්යය මණ්ඩලය ද රැස් වී සිටි අතර ඔවුන් විසින් සැකකරු පාලනය කර ගෙන තිබුණා.

මෙම චීන ජාතිකයා, තවත් චීන සහ ඊජිප්තු ජාතිකයෙකු සමග ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ තිබුණේ පසුගිය මැයි මස 18 වනදායි.

පුත්තලම දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් මෙම චීන ජාතිකයා ආයෝජකයෙකු බව සදහන් කරමින් ලිපියක් මගින් ඔහුට රට තුළට පිවිසීම සඳහා නිදහස් කරන ලෙස ඉල්ලා ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් ද යොමු කර තිබුණා.

ඒ අනුව ඔහුට රටට ඇතුලුවීමට අවස්ථාව හිමිවූ අතර පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදු කෙරුණා.

පසුව ආගමන විගමන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර ළඟ තබාගැනීම සම්බන්ධයෙන්.

මෙම චීන ජාතිකයා චීනයට පිටුවහල් නොකර ඩුබායි රාජ්‍යයට පිටුවහල් කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා රිට් පෙත්සමක් ද ගොනු කළ අතර අභියාචනාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කළා.

පසුව අනාවරණ වී තිබුණේ මෙම චීන ජාතිකයා මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගැනීම සඳහා චීන අධිකරණයක් විසින් වරෙන්තු ද නිකුත් කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29