spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිට්බුල් සුනඛයෙකුගේ ප්‍රහාරයකට ලක් වූ හත් හැවිරිදි දැරියක් රෝහලේ

පිට්බුල් වර්ගයේ සුනඛයෙකුගේ ප්‍රහාරයට ලක් වූ හත් හැවිරිදි දැරියක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

නව දිල්ලි නගරයේ දී මෙම දැරිය සුනඛයාගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර, සුනඛයා හදිසියේම දැරියව සපා කා ඇයව ඇදගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දැරිය ඊයේ (01) සවස නිවසින් පිටත සෙල්ලම් කරමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇති අතර, සුනඛයා දැරියව ඇදගෙන යන අවස්ථාවේ දී අසල්වැසියන් විසින් ඇයව බේරාගැනීමට සමත්ව තිබෙනවා.

අනතුරුව ඇයව වහාම රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සුනඛයාගේ හිමිකරු වන ශිවානන්ද භාස්කර්ට නැමැති පුද්ගලයාට එරෙහිව නඩුවක් ගොනු කර ඇති අතර, පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දිල්ලි පොලිසිය සඳහන් කරනවා.

මේ අතර පසුගිය සතියේ, මධ්‍යම දිල්ලියේ මාර්ගයක දී අවුරුදු දෙකක ගැහැණු ළමයෙකු අයාලේ යන සුනඛයන් රැළක් විසින් සපා කා ඝාතනය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
4
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?