පිට්බුල් සුනඛයෙකුගේ ප්‍රහාරයකට ලක් වූ හත් හැවිරිදි දැරියක් රෝහලේ

පිට්බුල් වර්ගයේ සුනඛයෙකුගේ ප්‍රහාරයට ලක් වූ හත් හැවිරිදි දැරියක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

නව දිල්ලි නගරයේ දී මෙම දැරිය සුනඛයාගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර, සුනඛයා හදිසියේම දැරියව සපා කා ඇයව ඇදගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දැරිය ඊයේ (01) සවස නිවසින් පිටත සෙල්ලම් කරමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇති අතර, සුනඛයා දැරියව ඇදගෙන යන අවස්ථාවේ දී අසල්වැසියන් විසින් ඇයව බේරාගැනීමට සමත්ව තිබෙනවා.

අනතුරුව ඇයව වහාම රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සුනඛයාගේ හිමිකරු වන ශිවානන්ද භාස්කර්ට නැමැති පුද්ගලයාට එරෙහිව නඩුවක් ගොනු කර ඇති අතර, පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දිල්ලි පොලිසිය සඳහන් කරනවා.

මේ අතර පසුගිය සතියේ, මධ්‍යම දිල්ලියේ මාර්ගයක දී අවුරුදු දෙකක ගැහැණු ළමයෙකු අයාලේ යන සුනඛයන් රැළක් විසින් සපා කා ඝාතනය කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40