පෑලියගොඩ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

පෑලියගොඩ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙක්ට මෙලෙස වෙඩි තබා ඇති බවටයි පොලිසිය ප්‍රකාශ කළේ.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පැවසීය.

වෙඩි වැදුන ස්ථානයේ තිබී මිලිමීටර් 09 වර්ගයේ හිස් පතොරම් කොපු 01ක් සහ සජීවී පතොරෝමක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.