පැෆ්රල් සංවිධානයෙන් ජාතික පොලිස් කොමිසමට ලිපියක්

පොලිස් දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ නිලධාරීන්ට ස්වාධීනව තම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට ඉඩ සලස්වන ලෙසට ඉල්ලමින් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය විසින් ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ දේශපාලන බලපෑම් හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් කිහිපයක් පසුගිය දිනවල දක්නට ලැබුණු බවයි.

දේශපාලනඥයන්ගේ අදූරදර්ශී පාලනය හේතුවෙන් රට බලපතල ආර්ථික අර්බුදයක ගිලී ඇති මොහොතක පොලිසිය වැනි ආයතනයක නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඇති ඉඩකඩ අහිමි වුවහොත් නීතියේ පිළිසරණ පතන සාමාන්‍ය වැසියන් පවා ඉච්ඡාභංගත්වයට පත් විම නොවැළැක්විය හැකි බව පැෆ්රල් සංවිධානයේ සභාපතිවරයා මෙම ලිපිය මගින් පෙන්වා දෙනවා.

එහි අවසන් ප්‍රතිඵලය රටක් ලෙස යහපත් නොවනු ඇති බැවින් පොලිස් නිලධාරීන්ට දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරන ලෙසට ද පැෆ්රල් සංවිධානය සිය ලිපිය මගින් පොලිස් කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

WhatsApp Image 2023 04 27 at 15.55.17


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ හැටි - වැඳගෙන ගැම්මට බහින නාමල්
01:16
Video thumbnail
අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධවල හිඟයක් තියෙනවා - රු.900ට තිබුණ පිළිකා ඖෂධය ගත්තේ රු.30,000 කට
01:26
Video thumbnail
නාමල් රැගෙන යද්දි මිනිස්සු වටවෙලා කිව්ව දේ - "හුණ්ඩු කොටා..බය වෙන්න එපා අපි ඉන්නවා ඕනි දේකට"
01:43
Video thumbnail
අත්අඩංගුවට ගත් නාමල් සහ ජොන්ස්ටන් කොටුව අධිකරණයට ගෙන ගිය හැටි
01:41
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40
Video thumbnail
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
00:35
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03