පැෆ්රල් සංවිධානයෙන් අගමැතිට ලිපියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට ප්‍රධාන බාධකයක් ලෙස රජය පෙන්වාදෙන මූල්‍ය ගැටලුවට විසඳුමක් කිසියම් පාර්ශ්වයක් විසින් සපයනු ලබන්නේ නම් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය සූදානම් යන්න සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් විමසීමක් කර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්.

දැනටමත් අරඹා ඇති සීමා නීර්ණය හාරහා කොට්ඨාස ප්‍රමාණය හා සභිකයන් අඩු කිරීම සමග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මැතිවරණ ක්‍රමය කුමක්ද යන්න සම්බන්ධයෙන් ද එම සංවිධානය සිය ලිපිය මගින් ප්‍රශ්න කර තිබෙනවා.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ලිපිය පහතින්.

2023.03.17
දිනේෂ් ගුණවර්ධන මැතිතුමා,
ගරු අග්‍රාමාත්‍ය,
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරස්‍රය,
කොළඹ 07.

ගරු අග්‍රාමාත්‍යතුමනි,

සීමානිර්ණය හා ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධවයි.
මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීම කිසිදු නීත්‍යනුකූල පදනමකින් තොරව දින නියමයක් නොමැතිව කල් යන ආකාරයට ඔබතුමා අග්‍රාමාත්‍ය ධුරය දරණ ආණ්ඩුව විසින් කටයුතු කරමින් සිටින බව පෙනීයයි.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හා රටේ යහපත් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිය යුතු නායකයකු වන ඔබ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන මොහොතක මෙවැනි තත්ත්වයක් අප කිසිසේත්ම අපේක්ෂා නොකලෙමු. ජය පරාජය දෙකම හොඳින් අත්විඳ ඇති සර්වජව ඡන්ද බලයේ වටිනාකම සහ ව්‍යවස්ථාවේ හා පනත් වල ඊට ඇති ප්‍රතිපාදන හොඳින්ම දන්නා නායකයන් දෙදෙනෙකු වන ගරු ජනාධිපතිවරයාත් ඔබතුමාත් නායකත්වය දරද්දී නීතියෙන් බැහැරව ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය පැහැරගැනීමට කටයුතු කිරීම කණගාටුවට කරුණකි. එමෙන්ම බලය උදෙසා රටේ යහපැවැත්මට ඉතා අත්‍යවශ්‍ය සාධකයක් වන ව්‍යස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර සමරබරතාවය බිඳෙන ආකාරයට කටයුතු කිරීම හරහා ව්‍යවස්ථා අර්බුදයක් පැනනැගුණ හොත් කුමන අඩුපාඩු තිබුණද ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් සුරක්ෂිත කිරීමෙහිලා යම් කීර්තියක් දිනාගෙන සිටින රාජ්‍යයක් ලෙස අප ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්වීමේ අවකාශයක් පවතී. එමෙන්ම ජනතාවට සාමකාමීව තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී රාමුව බිඳවැටුනහොත් ඒ හරහා ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳ වගකීමෙන්ද ඔබතුමන්ලාට මිදිය නොහැකි වනු ඇත.

එමෙන්ම මේ වන විට සීමානිර්ණය ඇතුලු මැතිවරණ ප්‍රතිසංස්කරණ ගණනාවක් යෝජනාවී ඇත. එබැවින් පහත සඳහන් කරුණු පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා ලෙස ඔබතුමන්ගෙන් පිළිතුරු අපේක්ෂා කරමු.

  1. ඡන්ද විමසීම පැවැත්වීමට ප්‍රධාන බාධකය ලෙස රජය පෙන්වාදෙන මූල්‍ය ගැටලුවට විසඳුමක් කිසියම් පාර්ශවයක් විසින් සපයන්නේ නම් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය සූදානම්ද?
  2. දැනටමත් අරඹා ඇති සීමානිර්ණය හරහා කොට්ඨාශ ප්‍රමාණය හා සභිකයන් අඩුකිරීම සමග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මැතිවරණ ක්‍රමය කුමක්ද?
  3. එම නව සභික ප්‍රමාණය 50% ක් පමණ (එනම් 4000 ක් හෝ 5000 ක් පමණ) අඩුකරන විට දැනටමත් ඇති කාන්තා කෝටාව හා සම්මත කිරීමට නියමිත තරුණ කෝටාව යන දෙකම 25% බැගින් ඇතුළත් කරන්නේද? ඒ සඳහා අවශ්‍ය එකඟතාවයන් ලබාගෙන තිබේද?
  4. දැනටමත් ආරම්භ කර ඇති ජන සභා වැඩසටහන මෙයට අන්තර්ගත කරන්නේද? ඒ සඳහා වැඩපිළිවෙලක් තිබේද?

අපට පෙනීයන කරුණ වනුයේ මෙම ඉතා සාධනීය ප්‍රතිසංස්කරණ මේ මොහොතේ පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රමාද කිරීමට මෙවලමක් ලෙස භාවිත කරන බවයි. රටේ ආර්ථික අර්බුදයක් ඇති බව අප සියලු දෙනා පිළිගන්නා කරුණක් වන අතර ඒ සඳහා සියලු දෙනා දේශපාලන භේදයකින් තොරව ආර්ථිකය ගොඩනැංවීම උදෙසා එක්ව කටයුතු කල යුතු බව අපගේ විශ්වාසයයි. ඒ සඳහා පැෆ්රල් සංවිධානයේ පූර්ණ සහාය රජයට ලබාදීම අප සූදානම් නමුදු ආර්ථික සාධකය මතුකරමින් ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය යටපත් කිරීමට විධායකය දරන උත්සාහය පරාජය කිරීමට මැදිහත් වන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු. එසේ නොමැතිවුහොත් මෙය ඉතා වැරදි පූර්වාදර්ශයක් ලෙස අනාගත පාලකයින්ද භාවිතයට ගනු ඇත.

මෙයට,
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48