පැහැරගෙන ගොස් සිටියදී හමුවූ එප්පාවල දරුවා ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

එප්පාවල ප්‍රදේශයෙන් පැහැරගෙන ගොස් සිටියදී රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් දරුවා යළි හමුවීම සම්බන්ධයෙන් පොලිසිය පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

සිද්ධියට අදාළ සැකකරු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවා ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලදී පොලිසිය කරුණු රැසක් හෙළිකරගෙන තිබෙනවා.

එහිදී සැකකරු ප්‍රකාශකර ඇත්තේ 19 වනදා සවස දරුවාත් රැගෙන ඔහුගේ සහෝදරයෙකුගේ සහ සහෝදරියකගේ නිවසකට ද ගිය බවයි.

පසුව සැකකරුගේ මිත්‍රයෙකුගේ නිවසකට ගොස් නැවත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ නිවසකට ගොස් පසුගිය දින කිහිපය එහි රැඳී සිට ඇති බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

නිහාල් තල්දූව මහතා සඳහන් කළේ පැහැරගත් බවට පැවසෙන මෙම දරුවා නිවසට යාමට ද අකමැත්තක් දක්වන බවට පෙනී ගොස් ඇති බවයි.

මව සහ පියා විසින් දරුවා මහණ කිරීම සඳහා උත්සාහ කිරීමට අකමැති වීම හේතුවෙන් දරුවා නිවසට යාමට අකමැති බවක් පෙන්නුම් කෙරෙන බව ද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් එම කරුණ සත්‍යයක් ද යන්න පිළිබඳ තවදුරටත් සොයා බලන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

පසුගිය 19 වනදා සැකකරු විසින් මෙම දරුවා පාසලට සහ උපකාරක පන්තිවලට රැගෙන ගොස් නිවසට ගෙනවිත් ඇරලවීමෙන් පසු යළිත් තනිවම මෙම සැකකරු පදිංචි ස්ථානයට පැමිණ ඇති බවට හෙළිවී තිබෙනවා.

දරුවා නිවසට යාමට අකමැත්තක් දැක්වීම හේතුවෙන් ඔහු දරුවා ද රැගෙන විවිධ ස්ථානවලට ගොස් ඇති බවටයි හෙළිකරගෙන ඇත්තේ.

දරුවා අපයෝජනයකට හෝ ලිංගික හිංසනයකට ලක්වී ඇත් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු කරුණක් හෙළිවී නැහැ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර විමර්ශණ නිලධාරීන් විසින් දරුවා වෛද්‍ය පරීක්ෂණයකට ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැනට අනාවරණ වී ඇති තොරතුරු අනුව පෙනී යන්නේ මෙම සැකකරු විසින් මෙම දරුවාට දැඩි ආදරයක් දක්වන බවයි.

එම පුද්ගලයා දරුවා රැගෙන ගිය නිවෙස්වල පුද්ගලයන් ද තේරුම් ගෙන ඇත්තේ මෙම දරුවා එම පුද්ගලයාගේ ම දරුවෙකු ලෙසට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

සැකකරු සිටි නිවෙස්වල සාමාජිකයන්ට ද ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිවන කිසිවක් අනාවරණ වී නොමැති බව ද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් දරුවාට හිරිහැරයක් සිදුවී ඇත් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා.

නිත්‍යානුකූල භාරකාරත්වයෙන් බැහැරව දරුවා රැගෙන යාම සම්බන්ධයෙන් වරදකරු බවට පත්වුවහොත් සැකකරුට වසර 7ක පමණ සිර දඬුවමක් නියමවිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ.

https://youtu.be/rmF6VJxiDcs


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04