පැහැදිලි අත් අකුරින් බෙහෙත් තුණ්ඩු ලිවීමට වෛද්‍යවරුන්ට මහාධිකරණයකින් නියෝගයක්

පැහැදිලිව කියවීමට නොහැකි අත්අකුරින් බෙහෙත් තුණ්ඩු ලිවීම නවතා දමා, වෛද්‍යවරුන් සියලුම බෙහෙත් තුණ්ඩු පැහැදිලිව විශාල අකුරින් ලිවිය යුතු බවට හෝ සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමවේදයකට මාරු විය යුතු බවට ඉන්දීය පන්ජාබ් සහ හර්යනා මහාධිකරණය නියෝගකරතිබෙනවා.

රෝගීන්ගේ ආරක්ෂාව මූලික කර ගනිමින් මෙම නියෝගය ලබා දී ඇති බවයි වර්තවාන්නේ.

පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, විනිසුරුවරයෙකුට ඉදිරිපත් කළ වෛද්‍ය-නෛතික වාර්තාවක “එකදු වචනයක්වත් හෝ අකුරක්වත් කියවීමට නොහැකි” බවට නිරීක්ෂණය වීමෙන් පසුවයි.

අධිකරණය නිර්දේශ කළේ, වෛද්‍ය විද්‍යාල විෂය මාලාවට පැහැදිලි අත්අකුරු පුහුණුව ඇතුළත් කළ යුතු බවත්, වසර දෙකක් ඇතුළත ඩිජිටල් බෙහෙත්පත් අනිවාර්ය කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවයි.

සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ, වසර ගණනාවක් තිස්සේ ඉන්දියාවේ වෛද්‍යවරුන්ගේ නොපැහැදිලි අත්අකුරු ගැටලුවක්ව පැවති අතර, එමගින් භයානක ඖෂධ දෝෂ ඇතිවීමට හේතු වූ බවයි.

ඉන්දීය වෛද්‍ය සංගමය මෙම තීන්දුව පිළිගෙන ඇති අතර, බොහෝ නාගරික වෛද්‍යවරු දැනටමත් ඩිජිටල් මෙවලම් භාවිත කළද, ග්‍රාමීය සහ අධික රෝගීන් සංඛ්‍යාවක් සිටින ස්ථානවල තවමත් අතින් ලියන ලද බෙහෙත්පත් සුලබව දක්නට ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23