පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සියයට 14කින් තීරුබදු ප්‍රතිශතය අඩු වුණා – රජය (වීඩියෝ)

අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ නව තීරුබදු සහනය කලාපයේ සහ අනෙක් ප්‍රබල රටවල් සමග සාපේක්ෂව ගත් කළ විශාල ප්‍රතිශතාත්මක අඩුවීමක් බව රජය නිවේදනය කරනවා.

මේ වනවිට (ජූලි 10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරුබදු පැනවීම පිළිබඳව රජය විසින් ඉදිරියේ දී ගනු ලබන තීරණ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්‍යය හර්ෂණ සූරියප්පෙරුම මහතා අවධාරණය කළා.

පෙර පනවා තිබූ තීරුබදු ප්‍රතිශතයට සියයට 44ක් බවත්, මේ වනවිට නව තීරුබදු හරහා ශ්‍රී ලංකාවට සියයට 14ක ප්‍රතිශතයක් අඩු කරමින් සියයට 30ක පමණ බද්දක් ආනයනික භාණ්ඩ සඳහා පැනවීම සැලකිය යුතු තරම් සුබදායී බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම්දෙනවා.

අගෝස්තු මස 01 වැනි දින තෙක් තවදුරටත් අමෙරිකාව සමග තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇති බවයි රජය නිවේදනය කර සිටින්නේ.

පෙර පැනවූ සියයට 44ක තීරුබදු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පත් කළ විශේෂ නියෝජිත මණ්ඩලයේ ද මැදිහත් වීම මගින් සැලකිය යුතු ප්‍රතිශතයකින් අවම මට්ටමකට පරිවර්තනය කරගැනීමට හැකි වූ බව ද රජය දැනුම්දෙනවා.

කලාපීය රටවල් හා මෙන් ම සෙසු රටවල් හා සංසන්දනයේ දී ශ්‍රී ලංකාවට ලැබුණු තීරුබදු සහනය ඉහළ ම අඩු කිරීමක් ලෙසයි රජය පෙන්වාදෙන්නේ.

එබැවින් ඉදිරියේදීත් කර්මාන්තකරුවන්ගේ සහාය, ව්‍යාපාරිකයින්ගේ මෙන් ම පුරවැසියාට මින් ඇතිවන බලපෑම සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් තවදුරටත් තීරුබදු සහනයක් රට වෙනුවෙන් උදා කරගැනීම අපේක්ෂාව බව ද රජය පවසනවා.

රටේ නිෂ්පාදන ආර්ථිකයට හා අපනයන ක්‍රියාවලියට මෙමගින් තවදුරටත් එල්ල විය හැකි බලපෑම් සම්බන්ධයෙන් අමෙරිකාව සමග සිදු කෙරුණු සාකච්ඡාවල දී අවධානය යොමු වූ බවත්, මෙය ගෝලීය තත්ත්වයක් මිසෙක ශ්‍රී ලංකාව එල්ල කරගනිමින් සිදු වූවක් නොවන බවත් ආචාර්‍යය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවා.

එබැවින් තීරුබදු සහිතව රටේ නිෂ්පාදන ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්න විමසිය යුතු බවත් රජය පවසනවා.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්‍යය නන්දලාල් වීරසිංහ ඇතුළු විශේෂ නියෝජිත මණ්ඩලය ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39