පැලැන්වත්තේදී තරුණියකට පහරදුන් සැකකරු අත්අඩංගුවට

පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ දී 21 හැවිරිදි තරුණියකට අමානුෂික ආකාරයෙන් මන්නයකින් පහරදී බරපතළ තුවාල සිදු කළ  පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස ප්‍රහාරයට ලක්වූ තරුණිය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.

සැකකරු විසින් තරුණියට පහර දීමට යොදා ගත්  මන්නය ද පොලිස් බාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම තරුණිය ඊයේ (27) සවස රැකියාව නිමවා නිවස කරා පැමිණෙමින් සිටියදී සැඟවී සිටි සැකකරු මන්නයක් රැගෙන විත් තරුණියට අමානුෂික ලෙස පහරදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු සහ පහර කෑ තරුණියගේ ඥාතීන් අතර ඇති වූ ගැටලුවක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බව ද සඳහන්.

සැකකරු දුරකථන සංඥා කුළුනක මුරකරුවෙකු ලෙස සේවය කරන අයෙක්.

තරුණියට පහරදීමෙන් පසු සැකකරු සංඥා කුළුණට නැග ඇති අතර දැඩි පරිශ්‍රමයක් දරා ඔහු බිමට බස්සවා ගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේදී ගම්වාසීන් සැකකරුට පහර දීමට උත්සාහ දරා ඇතත් පොලිසිය උපක්‍රමශීලීව සැකකරු පොලිසිය වෙත රැගෙන ආ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50