පැරිෂුටයක් සමග කුඹුරකට වැටුණු රුසියන් ජාතිකයෙක් පොලිස් භාරයට

හෙට්ටියගොඩ – ඉලුකේවල ප්‍රදේශයේ කුඹුරු යායකට පැරිෂුටයක් සමග වැටී සිටි රුසියන් ජාතිකයෙකුව මාවතගම පොලීසිය විසින් තම භාරයට ගෙන පසුව මුදා හැර තිබෙනවා.

අදාළ සිදුවීම ඊයේ (30) දින සවස සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පුද්ගලයෙකු පැරිෂුටයකින් මාවතගම සහ රිදීගම පොලිස් බල ප්‍රදේශයන් තුළ ඉහළ අහසේ සැරිසරණ බවට පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව මේ පිළිබදව සිට අවධානයෙන් ඇති මාවතගම පොලීසියේ නිලධාරීන්ට දැන ගැනීමට හැකිව ඇත්තේ හෙට්ටියගොඩ – ඉලුකේවල ප්‍රදේශයේ කුඹුරු යායකට අදාළ පැරිෂුටය ගොඩබෑම සිදුකර ඇති බවයි.

ඒ අනුව එම ස්ථානයට ගොස් ඇති පොලිස් නිලදාරීන් පැරිෂුටය සහ එහි සිටි පුද්ගලයාව තම භාරයට ගැනීමට කටයුතු කළා.

මෙලෙස පැරිෂුටයෙන් ගුවන් ගත වී සිට ඇත්තේ රුසියාණු ජාතිකයෙකු බවට එහිදී අනාවරණය වී ඇති අතර තමන් ඇතුළු කිහිප දෙනෙකු රිදීගම සහ වෙළගෙදර යන පොලිස් වසම් වලට සීමා වී ඇති බොල්ලෑගල කන්දෙන් පැරිෂුට් මගින් ගුවන් ගතවූ බවත්, කවිසිගමුව වෙල් යායට ගොඩ බැසීමට නියමිතව තිබුනත් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නියමිත ස්ථානයට පැමිණීමට නොහැකි වූ බවත් අදාළ රුසියාණු ජාතිකයා පොලීසියට පවසා තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු තම අත්අකුරෙන් ප්‍රකාශයක් ලබා දී පොලීසියෙන් පිටත්ව ගියා.

මෙම විදේශිකයාව ගුවන් ගත කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ සංචාරක ආයතනයක් විසින් බවට සිදු කර ඇති විමර්ශණ වලදී හෙලිවී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

පැරිෂූට් මගින් සංචාරකයින් ගුවන් ගත කිරීම සදහා එම ආයතනය සිවිල් ගුවන් සේවා අධිකාරයෙන් අවසර ලබා ගෙන තිබී ඇති නමුත් ඔවුන්ගේ බලපත්‍රය 2023 වසරේ දෙසැම්බර් මස 01 වැනිදායින් අවසන් වී තිබුණා.

නමුත් ඔවුන් බලපත්‍රය දීර්ඝ කර ගැනීම සදහා වන අයදුම්පතක්ද යොමු කර තිබී ඇති බව විමර්ශණ වලදී අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04