පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි – ජනපති (වීඩියෝ)

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බව ද පැවසූ ජනාධිපතිවරයා නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වාදීමට කටයුතු කරන බව ද සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (15) එක් වෙමින්.

වැවිලි ක්ෂේත්‍රයට අවශ්‍ය නව නිපුණතාවලින් හෙබි උපාධිධාරීන් බිහි කිරීම වෙනුවෙන් සහ තරුණ තරුණියන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ස්ථාපිත කර තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ මෙරට ග්‍රාමීය ජනතාවගේ දිළිදුකම තුරන් කළ හැක්කේ කෘෂිකර්මාන්තයේ දියුණුව තුළින් පමණක් බවයි.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඇති රටවල ජනගහනය බිලියන ගණනින් වැඩි වන බවට පුරෝකථනයක් සිදුකර ඇති හෙයින් එම රටවල මධ්‍යම පාන්තිකයන්ගේ ආහාර අවශ්‍යතාවයට සරිලන කෘෂිකර්මාන්තයක් නිර්මාණය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අපනයන කෘෂි කර්මාන්තය නොවැටෙන තැනකට ඔසවා තැබිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් පෙරේදා (13) කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42
Video thumbnail
පොල්පිති ඇමතිලා රටට ඕනි නෑ - මේ ඇමති සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්ද ?
05:39
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනි නම් ඉස්සෙල්ලම විපක්ෂ නායක අස්වෙන්න - සාර්ථක වුණානම් එයා ඉන්නේ ජනපති පුටුවේ
07:21
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ව මිණීම#වන් කරන්න එපා - තොරතුරු ගන්න බෑ..ඒ ඔෆිස් ගිනි තියලා තියෙන්නේ
05:00