spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැරගුවේ පරදා ආර්ජින්ටිනාවට තවත් ජයක්

ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය ද ජය ගැනීමට වත්මන් ලෝක ශූර ආර්ජින්ටිනාව සමත් වුණා.

ඊයේ මෙම තරගය පැරගුවේ රාජ්‍යයට එරෙහි ව පැවැත්වුණේ ආජින්ටිනාවේ බුවනෝස් අයර්ස් හි දියි.

එම තරගය අතරතුර දී කණ්ඩායම් නායක ලෝක ශූර ලියොනල් මෙසී පාදයේ ආබාධයකට ලක් ව පිටියෙන් ඉවත් වුණා.

නමුත් ඒ වනවිටත් ආර්ජින්ටිනා කණ්ඩායම පැරගුවේ රාජ්‍යය පරාජය කිරීමේ ජය අබියසට පැමිණි අතර, එය සටහන් ව තිබුණේ ගෝල 1-0ක් ලෙසටයි.

මෙසීගේ ආබාධය හේතුවෙන් තාවකාලික ව කණ්ඩායම මෙහෙය වීමේ වගකීම Nicolas Otamendi හිමිවුණා.

ලියොනල් මෙසී තරගයේ පළමු අර්ධයේ මිනිත්තු 40ක පමණ කාලයක් පිටියේ රැඳී සිටියා.

පසුව ආබාධයට ලක් වී තරගයේ දෙවන අර්ධයේ අවසන් භාගයේ දී පිටියට එක් ව දඬුවම් පහරක් සාර්ථක කරගැනීමත් සමග ආර්ජින්ටිනාවට පහසු ජයක් අත්කර ගැනීමට හැකිවුණා.

තරගයෙන් අනතුරු ව මෙසී සඳහන් කළේ තමන්ට යළිත් තරගයට පිවිසීමට හැකි වීම ගැන සතුටු බවත්, පිටියෙන් ඉවත් ව බංකුවක් මතට ඇද වැටීම මෙවන් උද්වේගකාරී තරගයක දී දැඩි අපහසු කාරණයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?