පැතිර යන උණක් හේතුවෙන් වසා දැමුණු දෙනියායේ පාසල් 04 තවදුරටත් වැසේ

පාසල් දරුවන් අතර පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වසා දැමුණු දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතර තවදුරටත් වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එම පාසල් හතර හෙට (11) සහ අනිද්දා දින දෙක තුළ දී වසා තැබීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබෙනවා.

දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස හෙට සහ අනිද්දා දිනවල දී වසා තැබෙනු ඇති.

මෙම පාසල්වල සිසුන් අතර සීඝ්‍රයෙන් පැතිර යන මෙම උණ රෝගී තත්ත්වය හේතුවෙන් පසුගිය 07 සහ 08 වනදා වසා දැමීමටයි පියවර ගෙන තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40