spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැට් කමින්ස්ට තවත් වගකීමක්

ඕස්ට්‍ර්ලියානු එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් පත්කර තිබෙනවා.

ඒ, අනුව ඔහු ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලානයටත් ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ලබාදෙන බවයි එරට ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඕස්ට්‍ර්ලියානු ටෙස්ට් කණ්ඩායමේ ද නායකත්වය දරණ පැට් කමින්ස්ට ඒ අනුව ආකෘති දෙකක නායකතවයේ වගකීම පැවරෙනවා.

පසුගිය මාසයේ ආරොන් ෆින්ච් එක්දින නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු ඕස්ට්‍ර්ලියානු එක්දින කණ්ඩායමට නායකයෙකු
පත්කර ගැනීම අභියෝගයක් ව පැවතියා.

ඕස්ට්‍රේලියාවේ 27 වන එක්දින නායකයා බවට පත් වූ පැට් කමින්ස් වාර්තා අතරට එක් වුණේ අනූව දශකයේ අගභාගයේ දී ෂේන් වෝන් එක්දින නායකත්වයට පත්වීමෙන් පසු ඕස්ට්‍ර්ලියානු එක්දින නායකයා බවට පත්වූ දෙවන පන්දු යවන්නා වෙමින්.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ උප නායකත්වයට තවමත් කිසිවෙක් පත්කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?