පැට් කමින්ස්ට තවත් වගකීමක්

ඕස්ට්‍ර්ලියානු එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් පත්කර තිබෙනවා.

ඒ, අනුව ඔහු ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලානයටත් ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ලබාදෙන බවයි එරට ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඕස්ට්‍ර්ලියානු ටෙස්ට් කණ්ඩායමේ ද නායකත්වය දරණ පැට් කමින්ස්ට ඒ අනුව ආකෘති දෙකක නායකතවයේ වගකීම පැවරෙනවා.

පසුගිය මාසයේ ආරොන් ෆින්ච් එක්දින නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු ඕස්ට්‍ර්ලියානු එක්දින කණ්ඩායමට නායකයෙකු
පත්කර ගැනීම අභියෝගයක් ව පැවතියා.

ඕස්ට්‍රේලියාවේ 27 වන එක්දින නායකයා බවට පත් වූ පැට් කමින්ස් වාර්තා අතරට එක් වුණේ අනූව දශකයේ අගභාගයේ දී ෂේන් වෝන් එක්දින නායකත්වයට පත්වීමෙන් පසු ඕස්ට්‍ර්ලියානු එක්දින නායකයා බවට පත්වූ දෙවන පන්දු යවන්නා වෙමින්.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ උප නායකත්වයට තවමත් කිසිවෙක් පත්කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47