පාළු ගෙදරකින් හමුවූ හෙරොයින් තොගය

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මරදාන – ලොක්ගේට් ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයාගෙන තිබෙනවා.

අද (01) අලුයම කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම පාළු නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 78 ක් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

මෙම හෙරොයින් තොගය කවුරුන් විසින් එම ස්ථානයට ගෙනවිත් තැබුවේද යන්න සොයාගැනීම සඳහා පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?