ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මාතලේ නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් දෙනකු පිහි පහරකට ලක්ව තුවාල ලබා රෝහල්ගත කළ බව මාතලේ පොලිසිය පැවසුවේ. පිහියෙන් ඇන්න බව කියන පාසල් සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිසුන් දෙදෙනාගේ බෙල්ලට සහ හිස ප්‍රදේශයට පිහි ඇනුමින් තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.
පාසල් සිසුවියකගේ ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුවි ඇති බව මුලික පොලිස් පරික්ෂවලදි අනාවරණය වි තිබේ.
සැකකාර පාසල් සිසුවා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.













