පාස්කු වන්දි මුදල් වින්දිතයින්ට ගෙවා ඇති ආකාරය ගැන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ඉදිරිපත් කරන ලද මූලික අයිතීන්වාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය විසින් කරනු ලැබූ නියෝග වලට අනුව මේ වන විට රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇතැයි නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

එම සිද්ධියට අදාළව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් මෙම දැනුම්දීම සිදුකළා.

මෙහිදී විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජෙනරල්වරියට දැනුම් දුන්නේ මෙම වන්දි මුදල් වින්දිතයින්ට ගෙවා තිබෙන ආකාරය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් යළි පෙබරවාරි මස 27 වනදා කැඳවීමටද නියම වුණා.

අදාළ පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු , එස්. තුරෙයි රාජා සහ ඒ. එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

  1. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ තීරණයක්. මොකද වින්ඳිතයන්ට සාධාරණයක් කරන්න කියනව ඇහුණට මිලියන 311 ක්(කෝටි 31ක්) වන්දි වශයෙන් දුන්නා කියලා ඇහුන්නෙ නැහැ.අපේ පාස්කු ප්‍රහාරය කියලා කියපු අයත් මේ ගැන කිව්වෙ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02