spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීට එරෙහි ගොනු කර ඇති පුද්ගලික පැමිණිල්ල ලබන 26 වනදා යළි විභාගයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යාමට නීතිමය හැකියාවක් පවතින බව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අද (23) අභියාචනාධිකරණය හමුවේ සඳහන් කළා.

සිරිල් ගාමිණී පියතුමා සහ ප්‍රහාරයෙන් වින්දිතයෙකු බවට පත් වූ ජේසුදාසන් නඩේසන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබුණා.

එම සිතාසිය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගොනු කළ රිට් පෙත්සම අද දෙවන දිනටත් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගනු ලැබුවා.

එහිදී වග උත්තරකාර සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තහවුරු කළ හැකි තොරතුරු ඉදිරිපත් වී තිබෙන අවස්ථාවක මෙවැනි පුද්ගලික පැමිණිල්ලක් පවත්වාගෙන යාමට මහේස්ත්‍රාත්වරයෙකුට හැකියාව ඇති බව සඳහන් කළා.

එම කොමිසමේ වාර්තාව සාක්ෂියක් ලෙස පිළිගත නොහැකි බවට පෙත්සම්කාර පාර්ශවය කරනු ලබන කරුණු දැක්වීම වැරදි යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ සිදු කරනු ලබන වාචික පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන පවා මේ ආකාරයෙන් සිතාසි නිකුත් කිරීමට හැකියාව තිබෙන බවත් පෙන්වා දුන්නා.

තමාට ලැබුණු බුද්ධි තොරතුරු සියල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබුණා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල අවස්ථාවේ සිංගප්පූරුවේ සිටි එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙරටට වහාම පැමිණීම සඳහා ගුවන් යානා තුනක් තිබූණ ද, ඒ සඳහා ඔහු උනන්දුවක් දක්වා නැතැයි සදහන් කළ ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත නිකුත් කළ සිතාසිය නීත්‍යානුකූල බවත් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු විමසීම ලබන 26 වනදා තෙක් කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?