පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීට එරෙහි ගොනු කර ඇති පුද්ගලික පැමිණිල්ල ලබන 26 වනදා යළි විභාගයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යාමට නීතිමය හැකියාවක් පවතින බව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අද (23) අභියාචනාධිකරණය හමුවේ සඳහන් කළා.

සිරිල් ගාමිණී පියතුමා සහ ප්‍රහාරයෙන් වින්දිතයෙකු බවට පත් වූ ජේසුදාසන් නඩේසන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබුණා.

එම සිතාසිය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගොනු කළ රිට් පෙත්සම අද දෙවන දිනටත් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගනු ලැබුවා.

එහිදී වග උත්තරකාර සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තහවුරු කළ හැකි තොරතුරු ඉදිරිපත් වී තිබෙන අවස්ථාවක මෙවැනි පුද්ගලික පැමිණිල්ලක් පවත්වාගෙන යාමට මහේස්ත්‍රාත්වරයෙකුට හැකියාව ඇති බව සඳහන් කළා.

එම කොමිසමේ වාර්තාව සාක්ෂියක් ලෙස පිළිගත නොහැකි බවට පෙත්සම්කාර පාර්ශවය කරනු ලබන කරුණු දැක්වීම වැරදි යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ සිදු කරනු ලබන වාචික පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන පවා මේ ආකාරයෙන් සිතාසි නිකුත් කිරීමට හැකියාව තිබෙන බවත් පෙන්වා දුන්නා.

තමාට ලැබුණු බුද්ධි තොරතුරු සියල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබුණා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල අවස්ථාවේ සිංගප්පූරුවේ සිටි එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙරටට වහාම පැමිණීම සඳහා ගුවන් යානා තුනක් තිබූණ ද, ඒ සඳහා ඔහු උනන්දුවක් දක්වා නැතැයි සදහන් කළ ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත නිකුත් කළ සිතාසිය නීත්‍යානුකූල බවත් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු විමසීම ලබන 26 වනදා තෙක් කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02