පාස්කු නඩුවේ විත්තිකරුවන්ට චෝදනා කියවා දීම අදත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම ආධාර හා අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන්ට චෝදනා කියවා දීම අද කොළඹ මහාධිකරණය හමුවේ තවදුරටත් සිදු කෙරුණා.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි නඩු විභාගය පැවැත්වෙන්නේ.

මෙම නඩුවේ විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 23270ක් ගොණු කර තිබෙනවා.

අද දින අවසන් වනවිට ඉන් චෝදනා 7721ක් විත්තිකරුවන්ට කියවා දී තිබෙනවා.

වැඩිදුර විමසීම හෙට දින තෙක් කල් තැබුණා.

2019 වසරේ අප්‍රේල් මස 21වන දා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නවුෆර් මව්ලවි ,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන්,හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොණුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36