spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසලේ තිබූ වටිනා භාණ්ඩ සොරාගෙන

වැලිගම ,දෙණිපිටිය වටගෙදරමුල්ල කණිෂ්ඨ විද්‍යාලයේ පරිගණක කාමරයේ තිබූ රුපියල් ලක්ෂයකට වඩා වටිනා රූපවාහිනි යන්ත්‍රය (13 ) රාත්‍රි සොරුන් විසින් පැහැරගෙන ගොස් ඇති බවට වැලිගම පොලිසියට පැමිණිලි කොට තිබේ

විද්‍යාලයේ ආරක්ෂාව සදහා යොදවා සිටින පුද්ගලයා රාත්‍රී කාලයට පමණක් පාසලේ ආරක්ෂාවට යොදවා සිටි කෙසේ වෙතත් (13 ) දින රාත්‍රි ඔහු නිවාඩු ලබාගෙන සිටියදී මෙම සොරකම සිදු වී ඇති බවට පැවැසේ එහිදී කිසියම් පුද්ගලයකු විසින් විද්‍යාලයේ පරිගණක කාමරයේ අගුළු කඩා බිඳ දමා එයට ඇතුළුවී එම කාමරයේ තිබූ රුපියල් ලක්ෂයකට වඩා වටිනා රූපවාහිනී යන්ත්‍රය සොරකම් කොට ඇතැයි සඳහන්. මෙම පරිගණක කාමරයේ තිබූ වෙනත් උපකරණ සදහා කිසිදු හානියක් සිදුවී නොමැති බවද සදහන් වෙි. මේ පිළිබඳව වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ඩි ,එම් අබේසේකර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ මෙහෙයවති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?