පාසල් 22ක විදුලිය විසන්ධි කෙරේ

මාතර කලාපයේ පාසල් 22 ක පමණ හිග විදුලි බිල්පත් ලක්ෂ විසිපහක් පමණ මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් විදුලි සැපයුම අද (19 ) දින සිට තාවකාලිකව විදුලිය විසන්ධි කොට ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි .

ඒ මහතා තවදුරටත් මෙසේ පැවසීය.

මාතර කලාපයේ පාසල් විසි දෙක (22) විදුලිය විසන්ධි කර තිබෙනවා අද (19 ) දින හිඟ විදුලිපත් ගෙවීමට කලාප කාර්යාලයට මුදල් නොමැති වීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව හෙතෙම පවසයි .එ සදහා ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත් මෙය සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක් එමඟින් බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ දෙමව්පියන් ලවා විදුලි බිල්පත් ගෙවන්න විදුලිය ලබා ගැනීම සඳහා මෙ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි .

කණගාටුවට කරුණ තමයි මේ විදුලිය කපන අමාත්‍ය කාංචන විජේසේකර ඉන්නෙත් මාතර එයාගේ බල ප්‍රදේශය තමයි විදුලිය සන්ධි කරලා තියෙන්නේ මාතර කොටුව ජනාධිපති විද්‍යාලය, උයන්වත්ත ආදර්ශ විද්‍යාලය ,මහමායා බාලිකා විද්‍යාලය, ඇතුළු විද්‍යාලවල මේ වන විට වර්ෂ අවසානයේ නොයෙකුත් උත්සව සහ සංස්කෘතික සංදර්ශන ඇතුළු නොයෙකුත් වැඩසටහන් පැවැත්වෙනවා එම කටයුතු මේ වන විට අඩාල වෙලා .දැනට රටේ ජනතාවගේ ලක්ෂ හතකගේ විදුලිය විසන්ධි කරලා .පාසල් වලට අත තියලා තියෙන්නේ කුමන්ත්‍රණකාරීව රජයේ වගකීමක් බිල්පත් ගෙවීම රජය බිල්පත් ගෙව්වෙ නැත්නම් රජයෙන් ඉල්ල ගන්නවා මිසක පාසලේ විදුලිය විසන්ධි කරලා හරියනවද .මේ සම්බන්ධයෙන් පිළියමක් නොදුන්නොත් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්න සැරසෙනවා බව තවදුරටත් හෙතෙම පැවසීය.

මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය.

මාස කීපයක් තිස්සේ පාසල් 23 ක එකතු වූ විදුලි බිල් පත් ගෙවීමට ඇති බවත් එම ගෙවීම ප්‍රමාද වීම නිසා අද දින මාතර කලාපයේ පාසල් නමයක විදුලිය විසන්ධි කොට ඇති බවත් මේ සම්බන්ධයෙන් කාංචන විජේසේකර ඇමතිතුමාගේ සහ පළාත් සභාවේ ඉල්ලීම මත හෙට (20 ) දින නැවත විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරන බව පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59