spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ළමුන්ගෙන් ඉස්මතුවන්නේ පසුගිය දිනවල සමාජයේ තිබූ ප්‍රචණ්ඩත්වයි – විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

පාසල් දරුවන් තුළින් මේ දිනවල ඉස්මතුවන්නේ පසුගිය දිනවල සමාජයේ තිබූ ප්‍රචණ්ඩත්වය බව කරාපිටිය රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසනවා.

පීඩාකාරී තත්ත්වයන් යටතේ අධ්‍යාපනය ලබන දරුවන් විභාගය අවසන් වී ලැබෙන නිදහසින් තමන්ගේ සිත් තුළ තැන්පත් වී ඇති ප්‍රචණ්ඩකාරී අදහස් සමාජයට යොමුකරමින් අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා බවයි වෛද්‍යවරයා සඳහන් කර සිටියේ.

තවත් අයෙකු පීඩාවකට ලක්කර සතුටට පත්වන ඇතැම් සමාජ කණ්ඩායම් මේ වනවිට දැකගත හැකි බව පැවසූ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි සිදුවීම ආදර්ශයට ගනිමින් දරුවන් ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමක් පෙන්නුම් කරන බවයි.

දරුවන්ගේ මෙවැනි ක්‍රියා වළක්වා ගැනීමට දෙමව්පියන් සහ ගුරුවරුන් සැළකිලිමත්ව කටයුතු කළ යුතු බවත් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?