spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ළමයින්ට මත් කරල් අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයකු කළුතර උතුර පොලිසිය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.

ප්‍රදේශයේ පාසල් ළමුන්ගේ දෙමව්පියන්ගෙන් ලැබුණු පැමිණිලි කිහිපයකින් පසු කළ වැටලීමකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර තොටුපල හන්දියේ දී සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6යි මිලිග්රැම් 200ක් ද හමුවී ඇති අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් අනාවරණය වූ තොරතුරු මතයි නිවසේ අල්මාරියේ සඟවා තිබූ මත්කරල් 1080ක් සොයාගෙන ඇත්තේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?