පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි (ඡායාරූප)

වැල්ලවායේ නිවසක තිබී පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් සොයාගනී

වැල්ලවාය වීරසේකරගම ප්‍රදේශයේ නිවසක තිබී ගෙල වැලලාගෙන මියගිය බවට සැකකෙරන පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි වයස අවුරුදු 16ක් වන පාසල් සිසුවෙක්.

ඔහු වීරසේකරගම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විමර්ශන සිදු කරනවා.