පාසල් සිසුවියකට සහ එකම පවුලේ 6කට කොවිඩ්

එකම පවුලේ පුද්ගලයින් 6 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා ඒ හැටන්, කොටගල තලවකැලේ ප්‍රදේශයේදී.පසුගිය 16 වන දින සිදුකළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි කොටගල මහජන සෞඛ්‍යෙ පරික්ෂක සෞන්දර රාගවන් මහතා සඳහන් කළේ. ගම්පහ ප්‍රදේශයේ සිට හැටන්, කොටගල ප්‍රදේශයට පැමිණි කාන්තාවක් කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව ඇයගේ නිවසේ සිටි පුද්ගලයින් 9 දෙනෙකු එලෙස PCR පරීක්ෂණයට ලක්කර තිබේ. මෙහිදි නව ආසාදිතයින් 6 දෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන් අතර පාසල් සිසුවියක් ද වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?