පාසල් සිසුන්ට විකිණීමට ගෙනා මත්වන ලොලිපොප්

පාසල් ළමුන්ට විකුණන්න ගෙනා මත්වන බවට සැක කුඩා බෝල 4000 ක් සහ ලොලිපොප් 55 ක් සමග දෙදෙනෙකු පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම බඩු තොගයේ නිශ්පාදිත රටක්,දිනයක් සමාගමක්, අඩංගු ද්‍රව්‍ය හෝ කල්ඉකුත් වන දිනයක් සදහන්ව නොමැති බව
පොලිසිය පවසයි.

පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන ගිය වෙළඳ වටලා කුඩා බෝල 4000 ක් පමණ සහ ලොලිපොප් 55 ක් සොයාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි .

දරුවන් මෙම බෝල සහ ලොලොපොප් වලට ඇබ්බැහි වී ඇති බව දෙමව්පියන් පිරිසක් කල දැනුම් දීමකට අනුව වැටලීම කර ඇත.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සරික්කම්මුල්ල සහ නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .මෙම ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට නියමිත බව පොලිසිය කීය.පානදුර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

image 106
image 107