පාසල් සහ අධ්‍යාපන ආයතනවල ඩෙංගු මඩින්න විශේෂ උපදෙස් මාලාවක්

ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික්කවල අවධානම් තත්ත්වය අවම කර ගැනීමටත්, අනෙකුත් දිස්ත්‍රික්ක අධි අවධානම් තත්ත්වයට පත් වීම වළක්වා ගැනීමේත් අරමුණින් ජුනි 15 දින සිට ජුනි මස 19 වන දින දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම වැඩසටහනට සමගාමීව අනිද්දා (18) දින රජයේ පාසල්, පෙර පාසල්, පෞද්ගලික පාසල් ඇතුලු බල ප්‍රදේශයේ සියලු ම අධ්‍යාපන ආයතන ඉලක්ක කරගනිමින් අධ්‍යාපන ක්ෂේත්‍රය ආවරණය වන ආයතන සඳහා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු වනවා.

ඒ අනුව ලබන 18 වනදා සිදු කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳව දැනුම් දෙමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු සිසුන් සඳහා ඩෙංගු මර්දනය, මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම සහ නිවසේ දී සිදු කළ හැකි සරල ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් පවත්වමින් ප්‍රජාව වෙත පණිවිඩය රැගෙන යාම.

පාසල් ඇතුලු අධ්‍යාපනික පරිශ්‍රවල ජලය රැස්වන ස්ථාන විනාශ කිරීම සහ රැස්වී ඇති කසල විධිමත්ව බැහැර කිරීමට අවශ්‍ය පියවර ගැනීම.

පාසල් ගුරුවරුන්, පාසල් සිසුන්, පෙර පාසල් සිසුන් සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ ප්‍රජා සංවර්ධන නිලධාරීන් සහභාගී කරවා ගෙන දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

“ඩෙංගු වලින් තොර කලාපයක් ” යන තේමාව යටතේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංවිධානය කිරීම සහ නිරන්තර අධීක්ෂණ ක්‍රමවේද හඳුන්වා දෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු සිසුන් දැනුම්වත් කිරීම. යන ක්‍රියාකාරකම් සිදුකළ යුතු බවයි දැනුම් දෙන්නේ.

ඊට අමතරව සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතන ඩෙංගුවලින් තොර කලාප බවට පත් කිරීම සඳහා උපදෙස් කිහිපයක් ද එම අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබෙනවා.

  1. පාසල් පරිශ්‍රය නිතිපතා පරීක්ෂා කිරීමට වගකිව යුතු නිලධාරීන් පත් කිරීම.
  2. මදුරුවන් බෝවන ස්ථාන සතිපතා පරීක්ෂාවට ලක් කිරීම.
  3. ආයතනයේ රැස්වන කසල වර්ගීකරණයට ලක් කර බැහැර කිරීම සඳහා පළාත් පාලන ආයතන හා එක්ව විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම.
  4. සිසුන් මදුරුවන් දෂ්ඨ කිරීමෙන් වළක්වාලීම සඳහා දිවා කාලයේ මදුරු විකර්ෂකයක් භාවිතයට උපදෙස් ලබාදීම.
  5. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා එක්ව නිරතුරුව ආයතන පරිශ්‍ර මදුරුවන් නොමැති බවට තහවුරු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
  6. පාසල් මට්ටමින් ඩෙංගු මර්දන කමිටු සක්‍රීය කර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස්, සහය සහ මඟපෙන්වීම ලබාදීම.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14