පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ආරම්භ වන පාසල් වාරයට පෙර මෙම සති අන්තයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

සියලු පළාත් ආවරණය කරමින් පාසල් ප්‍රජාවගේ ද සහයෝගයෙන් දිවයින පුරා මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සිදු කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.

එහි මූලික වැඩසටහන කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ කලාපයේ සියලු පාසල්වලින් ආරම්භ කරන බවයි ඔහු කියාසිටියේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නාරාහෙන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුම්වත් කිරිමේ වැඩසටහනකට එක් වෙමින්.

මෙම අවස්ථාවට කොළඹ කලාපයේ සියලු ම පාසල්වල විදුහල්පතිවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, කොළඹ නගර සභාවේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා ලබා දුන් පාසල් නිවාඩු කාලය මින් පෙර වර්ෂවල ලබා නොදුන් බවයි.

පාසල් වසා තිබූ මෙම කාලය සාමාන්‍යයෙන් වර්ෂා සහිත කාලයක් බැවින් පාසල් පරිශ්‍රයන්හි වැසි ජලය හා කුණු කසල එකතු වී මදුරු උවදුර ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නා.

කොළඹ නගරයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහන මෙම සති අන්තයේ ක්‍රියාවට නංවන අතර පාසල්වල මේ වන විටත් ක්‍රියාත්මක පවිත්‍රකරණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් හා දිරිමත් කරමින් කලාප කාර්යාල, නගරසභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහනගර සභාව හා පොලිසිය පාසල් සමග සම්බන්ධ කරමින් එම පවිත්‍ර කිරීමේ දී මතු වන අභියෝග ජයගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පාසල කුණු කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් නොකර දරුවන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් වගකීමකින් යුතුව කටයුතු කිරීමට පාසල් අවට ප්‍රජාව ද පෙළඹිය යුතු බවත් මෙහි දී ඔහු පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14