පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම ලබා දී ඇති වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 6,000ක වවුචර්පත්වල වලංගු කාලය මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

එම වවුචර්පත්වල වලංගු කාලය හෙට (15) දිනයේ අවසන් වීමට තිබුණා.