පාසල් පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය හකුලා නොගන්නේ නම් දෙසැම්බර් මාසයේ සිට සියලුම ගුරුවරුන් වැඩ වර්ජනයක යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.
ප්‍රධාන ලේකම්වරයා පවසන්නේ අධ්‍යාපනයේ යම් වෙනසක් සිදුකරනවා නම් සියලුම දෙනා සමඟ සාකච්ඡා කර එම තීරණය ගත යුතු බවයි.
මේ අතර එළඹෙන අයවැයෙන් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව සඳහා විසඳුම් ලැබෙනු ඇති ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ, අනුව වැටුප් විෂමතාවයේ ඉතිරි 3/2 ක වැටුප සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් මෙවර අයවැයෙන් ලබාදෙන ලෙසයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අවධාරණය කර සිටියේ.














මේ කාළකන්නි ජීවත් වෙන්නෙම බාල්දි පෙරලලා.
ඉස්සරවෙලාම මුංට මහජන සාමයට බාධා කරා හෝ මහජන කැළඹිළි ඇතිකරා කියලා හෝ නඩු දාලා දඩ ගහලා හිරේ දාන්න ඕනා.
පුදුම කරුමයක්නේ මේ රටට වෙලා තියෙන්නේ.
මුං හින්දා වියවසායකයෙක් රටට එන්නේ නෑ.
මොකෝ හැමදාම කචල්නේ