පාසල් ගොඩනැගිල්ලෙන් බිමට තල්ලුකර ගුරුවරයෙක් 04 වසරේ සිසුවෙකු ඝාතනය කරේ

ගුරුවරයෙකු විසින් හතරවන ශ්‍රේණියේ සිසුවෙකුට පහර දී පාසල් ගොඩනැගිල්ලේ පළමු මහලෙන් බිමට තල්ලුකර ඝාතනය කළ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ගඩාග් ප්‍රදේශයේ රජයේ පාසලක මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

මුත්තප්පා යෙල්ලපා නැමැති ගුරුවරයා විසින් ඊයේ (19) පෙරවරුවේ භාරත් බාකර් නැමැති මෙම 10 හැවිරිදි දරුවාට සවලකින් පහර දී පාසල් ගොඩනැගිල්ලේ පළමු මහලෙන් බිමට තල්ලුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කුමන හේතුවන් නිසා සැකකාර ගුරුවරයා විසින් මෙම අපරාධය සිදුකළේ ද යන්න පිළිබඳව අනාවරණය වී නොමැති අතර, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවයි ඉන්දීය පොලිසිය පැවසුවේ.

සැකකාර මුතප්පාට එරෙහිව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 302 (ඝාතන) වගන්තිය යටතේ චෝදනා ගොනුකර ඇති අතර, සැඟව සිටින සැකකරු සොයා විමර්ශන ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40