පාසල් ආශ්‍රිතව මාවා සහ බාබුල් විකුණූ 11 දෙනෙක් අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදුණු ව්‍යපාරිකයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පවසනවා.

අද (27) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

විවිධ ආකාරයේ කෙටි ආහාර ( අයිස් පලම්, බෝම්මබ්යි මොටයි,ටොෆි සහ බිස්කට් වැනි ) යොදා ගනිමින් මාවා සහ බාබුල් වැනි මත්ද්‍රව්‍ය මෙලෙස පාසල් ආශ්‍රිත අලෙවි කළ සැකරුවන් 11 දෙනෙක් පමණ මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව වූ බවයි පොලිස් මධ්ය් ප්‍රකාශවරයා සඳහන් කර සිටියේ.