පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට පිවිසෙන සිසුන්ට තොරතුරු ගන්න ක්ෂණික ඇමතුම් සේවාවක්

පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යොමු වීම සඳහා සිසුන්ට අවශ්‍ය තොරතුරු නිවැරදිව සහ කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් ‘1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් සේවාවක් හඳුන්වා දී තිබෙනවා.

නාරාහේන්පිට ‘නිපුණතා පියස’ පරිශ්‍රයේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙට ආරම්භ වුණා.

‘1966’ ක්ෂණික ඇමතුම් සේවාව මඟින් වෘත්තීය අධ්‍යාපනයට අදාළ ඕනෑ ම තොරතුරක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම කාර්යක්ෂම සේවාවක් සඳහා, කෘත්‍රීම බුද්ධි තාක්ෂණය (AI) ඔස්සේ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික නිලධාරීන් විසින් සකස් කරන ලද ‘AI Chat BOT’ වෙත පිවිසිය හැකි වනවා.

එමගින් වෘත්තීය අධ්‍යාපනයට අදාළ ඕනෑ ම ගැටලුවකට විසඳුම් ලබාගත හැකියි.

නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලියත් සමග නව පාසල් විෂය ධාරාව යටතේ මූලිකව ඉගෙන ගනු ලබන වෘත්තීය අධ්‍යාපනය ඉදිරියට හැදෑරීම සඳහා නවීන තාක්ෂණය හා ඒකාබද්ධවීමේ වැදගත්කම, මෙහි දී අග්‍රාමාත්‍යවරිය සභාව අමතමින් පැහැදිලි කළා.

වෙනස් කළ යුතු තැන් නොපැකිලව වෙනස් කරමින් වෘත්තීය අධ්‍යාපන ව්‍යුහය තුළ හෙට දින වැඩලෝකයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ගුණාත්මකව සංවර්ධනය කළ යුතු බවත් ඇය මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28