පාලන මිලට හාල් අලෙවි නොකරන වෙළඳුන් සොයා අද සිට වැටලීම්

පාලන මිලට සහල් අලෙවි නොකරන වෙළෙඳුන් සොයා අද (10) දිනයේ සිට වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙනවා.

ඒ, අනුව නීතියට පටහැනිව කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එම අධිකාරිය පැවසුවේ.

මේ අතර පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් තොගයේ පළමු තොගය හෙට දිනය පමණ වනවිට මෙරටට ලැබෙනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් මෝල් පරීක්ෂාව අද දිනයේත් සිදු කෙරෙනවා.

එම සහල් මෝල්වලින් දෛනිකව නිකුත් කරන සහල් තොග පිළිබඳව වාර්තා මෙහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් ලබා ගන්නවා.

මෙම කටයුතු අඛණ්ඩව දින 10ක් සිදු කෙරෙන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ අතර දේශීය සහ ආනයනික සහල්වලට උපරිම මිලක් නියම කළ ගැසට් නිවේදනය ඊයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36